Support us

Showing posts with label srilanka. Show all posts
Showing posts with label srilanka. Show all posts

Wednesday, March 11, 2015

ප්‍රතිරෝදකයක් තෝරා ගැනීම..(#01)

ප්‍රතිරෝදකයක් තෝරා ගැනීම..
අද අපි බලමු කොහොම්ද ප්‍රතිරෝදකයක් තෝරා ගන්නෙ කියල.දැනට වෙලදාපොලේ  රෙසිස්ටෙර් වර්ග බර තොගයක් තියෙනව..එවායින් වැදගත් ම කීපයක් මෙතෙන කතා කරමු.
කාබන් ෆිල්ම් රෙසිස්ටොර්ස්,
මෙවා තමයි දැනට වෙලදපොලේ සුලබවම තියෙන්නෙ.මේවා බොහෝ දුරට 5% නිරවද්ය තාවයකින් යුක්තයි.ඒවගේම මේවා විවිද පවර්(    )රේටින්ග්ස් යටතේ ලබා ගන්න පුලුවන්.මේවායේ මිල තීරනය වෙන්නේ මේ පවර් රේටින්ග් එක මත,සහ මිලදී ගන්නා ප්‍රතිරෝදක සංඛයාව මතයි.
සාමාන්යයෙන් ශොප් එකකින්...0.25W එවා 200 ට වඩා අඩුවෙන් ගන්නව නම් එකක්  රුපියල් සත 50..(0.50/=) කට වගේ මිලදී ගන්න පුලුවන්. 200 ට වඩා වැඩි වුනොත් සත 20 කට වගේ ගන්න පුලුවන්.හැබැයි හරියටම කියන්න බැහැ.
මෙටල් ෆිල්ම් රෙසිස්ටර්ස්
මේවා තමයි දැනට ලාබෙටම ගන්න පුලුවන් හොදම ඒවා.මොකද මේවායේ නිරවද්යතාව 1% විතර වෙනවා,ඒ කියන්නේ අපි 1000ඔම්  ප්‍රතිරෝදකයක් සැලකුවහම එකේ අගය උපරිම  1010ඔම් හෝ අවම අගය 990ඔම් වෙනවා..ඒ කියන්නේ  1000 ට ගොඩාක් කිට්ටුයි.හැබැයි මේවා  0.25W එකක් 2/= විතර වෙනවා.(   ඇල්ටියම් එල් ක්)වගේ තැනකින් ගන්නවා නම්,1.50/=ට ගන්න පුලුවන්.හැබැයි අඩුම 50ක් ගන්න ඕනේ.
වයර් වවුන්ඩ් රෙසිස්ටර්.
මේ රෙසිස්ටර් හදල තියෙන්නේ දිග හීනී තබ කම්බියක් කාබන් කූරක් උඩ ඔතලා.එක නිසා මේවා තුලින් විශාල ධාරාවක් ගැලීමේ හැකියාව තියෙනව.ඒක නිසා පවර් සප්ලයි ඩ්සයින් කරන කොට ගොඩාක් යුස් වෙනව.අනික මේවා  0.1% නිරවදයතාවයේ සිට 5% දක්වා පරාසයකින් ලබා ගන්න පුලුවන්.හැබැයි මේව නම් ටිකක් ගාන සැරයි...මමත් ගාන හරියටම දන්නෙ නැහැ.
හැබැයි මේ ජාතියේ වට 10ක් කරකවන්න පුලුවන් විචල්ය ප්‍රතිරෝදකයක් 350/= විතර වෙනවා
මම මෙතන කතා කරේ නියත අගයක් තියෙන (ෆික්ස්ඩ් රෙසිස්ටර්ස් ගැන විතරයි.)අනික මම මෙතන සිද්ධාන්ත ගැන විස්තර කරේ නැහැ..මොකද ඒවා කතා කරොත් හෙට වෙනකම් ලියතැහැකි.ඒක නිසා සිදාන්ත ඕන කට්ටිය කමෙන්ට් කරන්න.මම වෙනම පෝස්ට් එකක් දාන්නම්.එතකන් කට්ටියටම සුබ දවසක්.

Wednesday, March 4, 2015

Electonic Parts in Sri Lanka.(Altiumlk/Unitech/lankatronics/....)

අද අපි බලමු කොහෙන්ද,,ලංකාවෙ අපිට ලංකාවෙන්ම අපිට අවශයම ඉලෙක්ට්‍රොනික් (කෑලි ) ගන්න පුලුවන් තැන් කීපයක් ගැන. දැනට ශ්‍රිලංකාවෙ මම දන්න තරමින් ඉලෙක්ට්‍රොනික් ශොප්ස් බර ගානක් තිබ්බත්..99% ශොප්ස් වලින් අපිට අවශය පාර්ට් නම්බර් එකක් ඉල්ලුවහම,ලැබෙන්නෙ වෙනින් එකක්,නැත්තන් නෑ,නැත්තන් ඉවරවෙලා....සමහරවෙලාවට උන් අපිට කියනව. "එහෙම පාර්ට් නම්බර් එකක් තාම හදලත් නැහැලු...." මොකටද ඉතින් මගෙ කට....

ඒකෙන් කමක් නැහැ..අද අපි බලමු ඉන්ජිනියර්ස් ල වෙන්න/වෙච්ච අයට ලංකාවේ හොදම ඉලෙක්ට්‍රොනික් ශොප්ස් මොනවද කියල


1)AltiumLK.com
   මේ ගොල්ලො තාම ෆීල්ඩ් එකට අලුතින් ආවත්.මම දැනට දැකපු සුපිරිම සර්විස් එක තියෙන්නෙ මෙයාලගෙ.මෙයාලගෙ ශොප් එක තියෙන්නෙ.(නො:4 සෙන්මිචෙල් පාර,සුවාරපොළ,පිලියන්දල.http://www.altiumlk.com )ශොප් එක පොඩි වුනාට,මූලික ඉලෙක්ට්‍රොනික් උපාංග සියලුම දේවල් තියෙනව.



2)LANKATRONICS
මේගොල්ලො ගාවත් හොද කොම්පොනන්ට් ස්ටොරෙජ් එකක් තිබ්බට,හැබැයි පැය ගානක් බලන් ඉන්න වෙනව,එක්කො වැරදි පාර්ට් නම්බර් එකක් දානව.1% රෙසිස්ටර් ඉල්ලුවහම 5% රෙසිස්ටර්ස් දානව..ශොප් එක තියෙන්නෙ දෙහිවල.අනික කස්ටමර් සර්විස් එක නම් සවුත්තුයි.

3)UNI-TECH (යුනිටෙච්.)
මේ ගොල්ලො ගාව තමයි දැනට ලන්කාවෙ ලොකුම කොම්පොනන්ට් ස්ටොරේජ් එක තියෙන්නෙ..හැබැය් ඇතුලෙ වැඩ කරන උන්,වැස්සකට වත් ඉස්කෝලෙ ගිහිල්ල නැහැ,හරක් වගෙ.ටිවි රෙපෙයාර් කරන අයට නම් සුපිරි තැනක් වුනාට,ඩිසයිනින්ග් ඉන්ජිනියර්ස් කෙනෙක්ට නම්,"ගූ හතයි"ශොප් එක තියෙන්නෙ පිටකොටුවෙ. ...අනිත් එක ,කොම්පොනන්ට් කොලිටි එකත් සවුතුයි,මොකද ඔක්කොම චයිනා ක්ලොන්ස්.ඔරිජිනල් නම් ගහල තිබ්බට ෆේක්.not good for high voltage applications..


තව කියන්න ඒව සීයක් තිබ්බත් වෙලාව නැහැ,යනවනම් යන්න සුපිරිම තැන altiumlk.com /නැතම් ඩිජි-කී ඔර්ඩර් කරන්න.BYE.

add