Support us

Friday, May 17, 2013

සෙනෙර දියෝඩ(Zener diodes)

Hi Guys and Girls සෙනෙර දියෝඩ යොදා ගන්නෙ , පරිපථයක අපිට අවශ්ය අවස්තාවක නියත විභව අන්තරයක් ගොඩනගා ගැනීමටය.
මේවා සාමාන්ය වශයෙන් ස්තායි වේ.
Zener Diode එකක් පාවිචි කරන්නෙ සැම විටම පසු නඹුරු අවස්තාවේ ය

නමුත් කොහොමද Zener Diode එකක් වැඩ කරන්නෙ?,හරිම සරලයි
මුලින්ම කියන්න ඕනෙ ,මේ ප්‍රස්තාරයෙ X අක්ශයයි ‍Y අක්ශයයි - පැත්තෙ ඇදල තියෙන්නෙ Diode එක Reverse Biased නිසා.සෙනෙර් ඩිඔඩෙ එකක බිදවැටීම් වෝල්ටීයතාවය(Braking Voltage) එක ,සෙනෙර් වෝල්ටීයතාවය (Zener Voltage )ලෙස හැදින්වෙනවා.Zener Diode එක හරහා නියත වොල්ටගෙ එකක් තබාගෙන,එක හරහා ගලන ධාරාව සැලකිය යුතු ප්‍රමානයකින් වෙනස් විය හැක.
අපි ප්‍රස්තාරයෙ ය් අක්ශය දිගේ පහලට යනවිට(ධාරාව වැඩි කරන විට ) x අක්ශයෙ අගය ආසන්න වශයෙන් වෙනස් නොවී(Vx=Zener Voltage) තියෙන නිසා අපිට Zener Diode එක නියත විභව අන්තරයක් ලබා ගැනීමට යොදා ගැනීමට පුලුවන්.
මේ තියෙන්නෙ ඒ වගේ cඉර්cඋඉට් එකක්.මෙකේ Uin එක සුලු වශයෙන් වෙනස් වුනාට Uout එක නියතව තබා ගැනීමට Zener Diode එක සමත් වේ.
රතු පාටින් ලකුනු කරලා තියෙන්නෙ   Zener Diode එකට දරන්න පුලුවන් උපරිම ධාරාවයි.

හරි දැන් අපි බලමු කොහොමද අපිට හරියන Zener එකක් හොයාගන්නෙ කියලා.එකත් හරිම ලේසියි.Zener එකකින් අපිට ලබාගන්න පුලුවන්  (Voltage) එක තමයි Zener Voltage එක, එකනිසා උදාහරණයක් වශයෙන් අපි හිතමු අපිට 1.8V හදාගන්න ඔනෙ කියල,අපිට කරන්න තියෙන්නෙ,1.8V Zener Diode එකක් පාවිචිචි කරන්න.

එතෝකොට මොකක්ද අපිට තව දැනගන්න ඕනෙ,එක තමයි Zener Diode එකේ Power Consumption  එක (ශක්ති පරිභෝජනය ).එක Calculate කරන්න අපිට,Zener Diode එක හරහා ගලන උපරිම ධාරාව(Maximum Current) නිගමනය කල යුතුය.උපරිම ධාරාවක් ගලන්නේ Zener Diode එකට සමාන්තරව කිසිවක් යොදා නැති විටය.එනම් Uout එකට කිසිවක්(Load) Join කර නැති විට ය.
එකනිසා අපිට අවශයය උපරිම ධාරාව ලබාගැනීමට R වලට ගැලපෙන අගයක් ඕම් ගේ නියමය(Ohm's Law) යොදාගෙන ලබා ගන්න.
උදාහරණ අපි හිතමු අපිට 1.8V ලබා ගන්න ඕනෙ කියල
Uin =10V උනහම R හරහා විභව අන්තරය  = Uin-Vzd = (10v-1.8v=8.2v)


දැන් අපි හිතමු අපිටMaximum Current  එක 50mA කියල.දැන් Ohm's Law දාන්න V=IR
8.2V/0.05A=R=164Ohm
හරි දැන් අපි හොයමු Zener Power Consumption එක.

එකට අපිට ඕනෙ Zener Diode එකේ 50mA වලදී Dynamic Impedance එක.
මෙක හොයාගන්න, Zener Diode එකේ  Data Sheet එකේ ඇති.
Dynamic Impedance එක මනින්නෙත් ඕම්ස් (Ohms)වලින් මයි.දැන් Zener Diode එක Risistor එකක් කියල හිතල W=I^2R දාන්න.එතොකොට Zener Diode එකෙ Power dissipation  එක එනවා,එකනිසා අපි Circuit එකක් Design කරන කොට.මේ එන අගයට වඩා වැඩි එකක් දාන්න.එතොකොට Zener Diode එකේ LifeTime එක වැඩිකර ගන්න පුලුවන්.තව අපිට ඕනෙ නම් පුලුවන් Output එක වෙනස් වන ප්‍රමානය හොයන්න.අපි හිතමු Uin 10V- 5V අතර දෝලනය වෙනවා කියල.එතොකොට Uin=5V වෙලාවට Zener Current එක=(5V-1.8V)/164Ohm=0.0195A=19mA
Zener එක හරහා ධාරාවේ වෙනස් වීම=50mA-19mA=31mA
ΔV=ΔI X Rdyn කියන සමීකරනයෙන් පුලුවන් අපිට Uout එක වෙනස් වෙන ප්‍රමානය බලාගන්න.
Δ (delta) කියන්නෙ කුඩා වෙනස් වීමක් කියන එක)
( Rdyn  කියන්නෙ Dynamic Impedance or dynamic Resistance)

ΔV=? ΔI=19mA Rdyn =7Ohm
ΔV=(19x7)/1000 =0.133V

එක නිසා Zener Diode සාමාන්ය වශයෙන් ස්තායි වෙ.
හරි එහෙනම් සෙනෙර ඩයෝඩ් ඉවරයි . එහෙනම් කට්ටියටම Good Bye.
බ්ලොග් එකට කැමති නම් ෆලො කරන්න  .
තේරෙන්නෙ නැති තැනක් තියෙනවා නම් අහන්න Comment  එකකින්.








Wednesday, May 8, 2013

විභව බෙදුම(Voltage Devider)

Hi Guys/Girls Electronics වල වැදගත්ම පාඩමක් තමයි මේක. අපි Circuit එකක් Build කරන කොට අපිට වැඩි Voltage එකකින් අඩු Voltage එකක් හදා ගන්න ලේසිම ක්‍රමය තමා මේක.

ප්‍රධාන ලක්ෂණ~

  • Voltage එකකින් ලබෙන Output Voltage එක හැම වෙලාවෙම Input Voltage එකට වඩා කුඩාය.
  • Output Voltage එක අපි Output එකෙන් ලබාගනා ධාරාව මත වෙනස් වේ.
    එමනිසා මෙය ඉතා ස්ථායි නොවේ.(Non Stable with Various Loads) .මොකද අපි යොදන භාරය(Load එක) Resistor  එකක් නිසා ,එක Voltage Divider එකේ Resistor එකක් ,එක්ක සමාන්තර ගත(Parallel) වෙන නිසා,Divider එකේ ප්‍රතිරෝදයේ (Parallel Resistor)අගය වෙනස් වේ.
  • මොකක් ද Output Voltage එක?
Load එකට කිසිවක් යොදා නැති විට.R1 හා R2 හරහා ගලනා ධාරාවන් සමාන වේ.
එම නිසා ඕම් ගේ නියමයෙන් Picture 2 එකේ වගෙ.උත්තරයක් ලැබෙනවා
එකෙන් I උක්ත කර ගන්න.








ඊට පස්සෙ අපි Vout එක ගන්න Risistor එකට ඕම්ගේ නියමය (Ohm's Law) දාන්න.
I වලට අපි කලින් හොයා ගත්ත I එක දාන්න.
ඔන්න හරි වැඩේ ඉවරයි. සිම්පල්.





දැන් Example එකක් කියලා දෙන්නම්.අපි හිතමු අපිට 10V වලින් 6V ගන්න ඔනේ කියලා.
හරි දැන් අපි දන්නවා Vin සහ Vout.එත් අපිට එක සමීකරනයකින් R1 හා R2 දෙකම හොයන්න බැහැ.එක නිසා අපි දල වශයෙන් R1 සොයා ගැනීමට අපේ Divider එක තුලින් ලබා ගන්න බලාපොරොත්තු වෙන උපරිම ධාරාවට(Maximum Current ) ගැලපෙන්න R1 තෝරා ගමු..
Voltage Divider නියමයට අනුව R1:R2     4V:6V ලෙස විභවය බෙදිය යුතුය.එම නිසා R1 වලට 4V විභව අන්තරයක් ලැබේ. ඕම්ගෙ නියමයට අනුව.Picture 4




හරි දැන් අපි R1 හොයා ගත්තා දැන් තියෙන්නෙ R2 හොයා ගන්න.
එකට අපි මුලින් ම හදා ගත්ත සමීකරනය පාවිචි කරන්න Picture4
සිම්පල්.. 12Ohm

හැබැයි අපි අපි උපරිම ධාරාවක් පරිභෝජනය කරන වෙලාවට ඔයාල 80 Ohm Resistor (R1) එකට W=I^2R දාලා බැලුවොත් ඔයාලට තේරේයි.ඒ Resistor  එකේ 0.20W ජනනය වන බව එකනිසා අපිට Voltage Divider එකකින් 50mA තරම් වත් ලභා ගන්න අමාරුයි.එක නිසා පුලුවන් තරම් අඩු Current එකක් ලභා ගන්න අවස්තා වලට R1 තෝරනකොට, R1 හැකිතාක් විශාල කරන්න (1K-100K)
මෙම අගයන් හැකිතාක් විශාල වන විට. Divider එක නිකන් පවතින විට(Without Load)පරිභෝජනය කරන ශක්තිය අවම වේ.

අපි බලමු මේ Divider එකේ ශක්ති පරිබෝජනය.
Output එකට මුකුත් සම්බන්ද කර නැති විට ,පද්දතියේ මුලු ප්‍රතිරෝදය 80+12 =92ohm වේ එම නිසා W=V^2/R සමීකරනයට අනුව .Picture 5


මේක මහා මෝඩ වැඩක්,මොකද 1.08W අපරාදෙ !
එක නිසා පුලුවන් තරම් R1 හා R2 වලට විශාල අගයන් ගන්න. එතෝකොට ශක්ති හානිය අඩුයි.



තව උදාහරනයක් බලමු.
හිතමු අපිට 12V 2ට බෙදන්න ඔනෙ කියල(6v). එහෙනම් අපිට තියෙන්නෙ එක සමාන Resistor 2ක් R1 හා R2 වලට යෙදීමයි.දැන් මට ගන්න ඔනෙ Output එකෙන් 2mA ධාරාවක්.
එකනිසා Picture 6

මට Type කර කර නම් සුලුකරන්න බැහැ Picture එක බලන්න



දැන් අපි බලමු කොහොමද ශක්ති පරිබෝජනය කියල.
ඔයලට මේ පින්තූරෙ තියෙන විදිහට සුලු කරල බලන්න පුලුවන්.එතෝකොට ඔයාලට පෙනයි කොච්චර අඩු අගයක් ද කියල.එක නිසා Voltage Divider හොද අඩු Current එකක් ලභා ගන්නා Applications  වලට විතරයි.
හැබැයි ඔයාලට ඕන විදිහට මේවා වෙනස් කර කර ටෙස්ට් කරන්න පුලුවන්.



අන්තිම ප්‍රශ්නය ඇයි Voltage Divider එකක් Stable  නැත්තෙ?.
මොකද අපි Load Resistor (Load Circuit) එකක් Vout එකට Connect කරහම Load Resistor එක R2 එක්ක සමාන්තර වෙනවා එතෝකොට R2 වල අගය අඩු වෙලා Vout එක වෙනස් වෙනවා.




අපි කලින් හදපු ගානම අරගෙන,බලමු 1KOhm Load Resistor එකක් Connect කරල Vout එකට මොකක් ද වෙන්නෙ කියල.
දැන් පේනවා අති ඔයාලට 3Kohm Resistor එක 0.75Kohm දක්වා අඩු වෙලා.





 දැන් අපි Voltage Divider සමීකරනය දාලා බලමු Vout එක මොකක් ද කියල .
පේනවානෙ.Vout  6V ඉදන් 4V දක්වා අඩු වෙලා.ඔක තමා Voltage Divider වල තියෙන ලොකුම ප්‍රශ්නය.
එහෙනම් ඔන්න Voltage Divider's ඉවරයි.
ඔක්කොටම ගූඩ් ඩේ,Good Bye!!
බ්ලොග් එකට කැමති නම් ෆලො කරන්න  .
තේරෙන්නෙ නැති තැනක් තියෙනවා නම් අහන්න Comment  එකකින්.


Tuesday, May 7, 2013

Lab Power Supply Design #1 (මුල සිට සරලව)

Hi Boys and Girls!ඔක්කොටම සුභ දවසක්.ඔන්න මම කිවුවා වගේ පවර් සප්ලයි
 එකක් ඩිසයින් (Power Supply Designing)කරන්න යන්නෙ.ඔයාලටත් පුලුවන් මම කරන විදිහට,ඔයලට ඕන විදිහට Design කරන්න.

මුලින්ම අපි දෙයක් කරන්න කලින් අපි කරන්න යන්නෙ මොකක් ද කියල A4 එකක හරි පොතක හරි උඩින්ම ලියන්න.සයන්ස් බූක් එකක් නම් හොදයි.පටන් ගන්න කලින් ඩේට්(date) එක දාන්න ඊට පස්සෙ Project Name එක.ඔයාට ඉංග්‍රිසි අමාරු නම්,අනිවාර්යයෙන්ම English වලින් ලියන්න.

පටන් ගමු
මුලින් ම අපේ Power supply = PS එකේ තියෙන්න ඔනෙ දේවල් ලියා ගන්න

(Specifications-)
  •  කොපමන Voltage පරාසයක් අපිට අවශයද?  1.25V සිට 12V දක්වා
  • අපි කොපමන උපරිම ධාරාවක් (Max Current draw) ලබා ගන්නවා ද? 5mA සිට 500mA දක්වා
  • PS එක On එකේ ද කියල බලා ගන්නෙ කොහොමද?  Power Up LED
  • PS එක On කරන්නෙ කොහොමද?  සාමාන්යය ස්විච් එකකින්
  • PS එකට විදුලිය සපයන්නෙ කොහොමද? 230V  15V-0-15V ට්‍රාන්ස්ෆෝමරයකින්
  • PS එකෙන් ලබා ගන්නා විභවය සහ ධාරාව බලා ගන්නෙ කොහොම ද? ඇම්පියර් මීටරයකින් සහ වෝල්ට් මීටරයකින්
  • ඔබට කොච්චරක් වියදම් කරන්න පුලුවන් ද? උපරිම රු 1500/=
  • PS එකේ ප්‍රමානය(Size) ? Lunch Box එකක් ප්‍රමානයෙ.
ඊලගට අපි තෝර ගන්න Voltage Regulator IC එක.
මම තොර ගන්නව LM317 Regulator එක.මෙක තමා ලංකාවෙ ගන්න පුලුවන් ගාන අඩුම Adjustable Regulator එක 40/=.
ඊට පස්සෙ LM317 ඩේටා ශීට් එක ඩවුන්ලෝඩ් කරගන්න   LM317 Data Sheet

Data sheet එකේ මුල් පිටුවෙ තියෙන්නෙ එ IC එකෙ තියෙන Features.
ඊට පස්සෙ බලන්න Typical ඇප්ලිකේශන්.මෙතන තියෙනව.මේ IC එක යොදා ගෙන කරන්න පුලුවන් දේවල් වල Circuits.



මම මගෙ PS එකටත්  යොදා ගන්නෙ මේ Circuit එකමයි.
මොකද මම Voltage එක Control කරන්න හිතාගෙන ඉන්නෙ සාමාන්යය VR එකකින්(විචල්ය ප්‍රතිරෝදකයකින්)


Data Sheet එකේ තව පහලට බලාගෙන යනකොට, තියෙනවා
Precision Current Limiter කියල Circuit එකක්, අපි බලමු ඒ කැල්ල අපිට Use කරන්න පුලුවන්ද කියල .     එ Circuit එක අග තියෙනව සමීකරනයක් Iout= Vref/R1   කියල අපි VR(විචල්ය ප්‍රතිරෝදකයකින්) යොදා ගට්තොත් අපිට සමීකරනයේ R1 වෙනස් කරන්න පුලුවන්,එත් මොකක් ද මෙ Vref කියන්නෙ.Vref කියන්නෙ Voltage Reference  කියල.
ඩේටා ශීට් එකේ තියෙනව Electrical Characteristics කියල වගුවක් එකේ තමා ඔනැම Electronic උපාංගයකම,ඉන්ජිනේරුවෙකුට වැදගත් දේවල් තියෙන්නෙ. එ වගුවෙ තියෙනවා Reference Voltage
කියල තැනක්.ඒ තීරුවෙ තියෙනවා Typ යටතෙ අංකයක්, එක තමා අපි හොයන Vref=1.250V එක.
Typ කියන්නෙTypicle ( සාමාන්ය ) කියන එක.දැන්  Vref=1.25V දාලා  අපිට අවශ්යය උපරිම ධරාව Iout   එකට දාල R1 උක්ත කරන්න.එතකොට අපිට එනවා අපි පාවිච්චි කරන්න ඔනෙ අවම ප්‍රතිරෝදකය Rmin.
ඊට පස්සෙ Iout වලට අපිට ඕනෙ අවම ධරාව දාලා R1 උක්ත කරන්න.එතකොට එන්නෙ අපි පාවිචිචි කරන්න ඕනෙ උපරිම  ප්‍රතිරෝදකයි Rmax.
මේ තියෙන්නෙ මම කරපු විදිහ.මම දැන් Circuits දෙක එකතු කරා.නියත ධාරා කොටස මුලට දාල ,විභව පාලන කොටස පස්සට දැම්ම .
Rmin=2.5ohm
Rmax=250ohm
ඔන්න අපිට පොඩි ප්‍රශ්නයක්.කොහෙන්ද අපි 250ohm Variable Resistor එකක් ගන්නෙ.
ගන්න තැනක් නැහැ එක නිසා මෙක හරි යන්නෙ නැහ.







අපි බලමු වෙනින් විදිහක්.මොකක් ද LM317 එක ඇතුලෙ තියෙන්නෙ.අතුලෙ තියෙන්නෙ මේ වගෙ දෙයක් .එක නිසා අපි අලුත්Current Limiter එකක් Design කරමු.මේ අතුලෙ තියෙන එවා දාල.
ට ඩා! මේ තියෙන්නෙ මගෙ ඩෙසිග්න්  එක.,මෙ circuit එක අනුව අපි Op Amp
එකෙ + Input එකට 0V සිට 0.6V දක්වා විභව අන්තරය වෙනස් කරන විට Rර්‍ ප්‍රතිරෝදය හරහා විභව බැස්ම ඕම් ගේ නියමයට අනුව වෙනස් වේ( V=IR ),R වලට 100ohm වගේ අගයක් යොදා ගන්න.අපි 500mAවැනි අඩු අගයක් ගන්න නිසා ගානක් නැහැ ,හැබැයි මේ අගය අඩු වෙන්න අඩු වෙන්න ශක්ති හානිය අඩුයි.ප්‍රතිරෝදකයක ශක්තිය ජනනය වන්නේ W=I^2 *R  සමීකරනයට අනුවයි.
එම නිසා අපගෙ 100ohm ප්‍රතිරෝදය තුල W=(100*25)/10000W= 0.25Wඑම නිසා මෙම ප්‍රතිරෝදය 1/2W හෝ 1W යෙදිම අනිවාර්යයි.



ඊට පස්සෙ තියෙන ගැටලුව තමා 0V සිට 1.8V දක්වා වෙනස් කරන එක.අපි ඒකට සෙනර් ඩයෝඩ් Zener Diode එකක් යොදා ගමු.ZD එකේ අරක්ශාවට අපි Resistor  එකක් යොදා ගමු Rx තෝරා ගන්නා විට ZD එක හරහා ගමන් කල හැකි උපරිම Current එක ගැන සලකා select කරමු.







මම හිතනවා මේ image එකේ තියෙන සුලු කිරීම් ඔයාලට තේරෙනවා අති කියල.මම ගාන හදල තියෙන්නෙ ZD Current එක 200mA කියල. Maximum Zener Current එක ZD එකේ ඩට ශීට් එකේ තියෙනවා
ඊට පස්සෙ 1.8V, 0.6V දක්වා අඩු කරගන්න Voltage Divider එකක් Use කරමු.
R1 1Kohm ලෙස ගෙන R2 උක්ත කරන්න එතෝකොට අපිට එනවා R2 හි අගය. ඊට පස්සෙ අපිට පුලුවන් R1 ට සමාන්තරව  10kOhm
VR එකක් දාලVoltage එක 0V සිට 0.6V දක්වා වෙනස් කරන්න.සිම්පල්!

දැන් මේකෙ Vout එක Current Limiter  එකෙ Vin එකට Connect කරන්න එතොකොට අපිට හම්බෙනව Current limiter එකක්.


ඔයාලට පුලුවන් නම් 10KOhm වට 10 පොට්
 (10 turn Pot)එකක් හොයාගන්න,එතොකොට අපට පහසුවෙන් ධාරාව පාලනය කරන්න පුලුවන්.
නැත්නම් සාමන්යය පොට් එකක් පවිචි කරන්න.
හරි එහෙනම් දැන් Current Limiter එක ඉවරයි.

දැන් බලමු Voltage Part එක හදන්නෙ කියල.







මම මුලින් ම කියුවා වගේ .මම පාවිචි කරන්නෙ මෙ circuit එකමයි.
හැබැයි අපිට 5KOhm ( single turn Pot) සාමාන්ය පොට් එකක් පාවිචිචි කරහම අපිට ඕන ගානට voltage එක Adjust  කරන්න හරිම අමාරුයි.
10 Turn Pot  එකක් තියෙනවා නම් වැඩේ හරි.හැබැයි එකක් 450/= විතර වෙනවා.එකනිසා අපි 10 Turn Pot එක වෙනුවට single turn Pot 2ක් දාමු.


මේ යටින් දාල තියෙන්නෙ පොට් දෙක Connect කරන විදිහ.ඔය කිසි කිසියට පැත්තෙන් ඉන්නෙ මම.

Filter Capacitor 2 ත් මම Data Sheet එකේ තියෙන විදිහටම දැම්මා.හැබැයි මෙවා පුලුවන් තරම් Regulator එකට කිට්ටුවෙන් දාන්න.
දැන් අපිට පුලුවන් 5K එකෙන් දල වශයෙනුත්.1K එකෙන් සුක්ශම ලෙසත් Voltage එක පාලනය කරන්න .
..එකත් ඉවරයි.!
දැන් තියෙන්නෙ මේ Circuit දෙක එකට Connect කරන්න .

 මේ තියෙන්නෙ අන්තිම Circuit එක.දැන් ඔයාලට ඔනෙ නම් මේක හදල බලන්න පුලුවන්.පහල Photo එකේ තියෙන විදිහට Diode එකක් දාල ඇමීටරයකුයි (Ammeter),,වොල්ට්(Voltmeter) මීටර් එකකුයි Connect කරහම අපිට PS එකෙන් ගලන ධාරාවයි විභවයයි (Current,Voltage)බලාගන්න පුලුවන්.

 හුටා මට අමතක උනා.LM317 හරියට වැඩකරන්න Minimum Load එකක් ඕනෙ එක නිසා අපි Transistor Load එකක් Output එකට Connect කරමු
මේ පහල තියෙන්නෙ 15V DC Rectifier Circuit එකක් මේක පාවිචිචි කරන්න පුලුවන් අපිට Power supply  එකට විදුලිය සපයන්න.





 Transistor Load එක, කලින් පින්තුරයෙ තියෙන Diode එකට කලින්,ඒ කියන්නෙ LM317 එකට පස්සෙ යොදන්න.



ඔන්න Circuit එක ඉවරයි,හැබැයි මේකෙ ගොඩාක් අඩුපාඩු තියෙනවා.මොකද ඇමීටරය වැඩ කරන්නෙ අපි PS එකට යම් Circuit එකක් හයි කලොත් විතරයි.එහෙම නොවෙන්න නම් අපිට Microcontroller එකක් යොදා ගන්න වෙනවා එක තරමක් සංකීර්ණයි.මෙම Circuit එක අපේ Basic වැඩ වලට හොදටම ඇති.තව එකක්,Transistor එකටයි.LM317 එකටයි හේට් සින්ක් දාන්න.එහෙනම් අදට ගූඩ් ඩේ! බ්ලොග් එකට කැමති නම් ෆලො කරන්න  Good byeeeee!
තේරෙන්නෙ නැති තැනක් තියෙනවා නම් අහන්න Comment  එකකින්

Monday, May 6, 2013

Electronic Engineering වලට සාදරයෙන් පිළිගනිමු !

Hi Guys /Girls .මුලින්ම මගේ බ්ලොග් එකට ආපු හැමොටම ගොඩක් ස්තුති!
‍යාලුවනෙ අද මම අලුතින් Electronic Engineering බ්ලොග් එකක් පටන් ගත්තා.මේක නිකන් Electronic බ්ලොග් එකක් නෙවේයි.මම මෙකෙන් ඔයාලට කියලා දෙනව,කොහොමද අලුතින්ම ඉලේක්ට්‍රොනික් භාණ්ඩයක් (Electronic Product designing)නිර්මාණය කරන්නෙ කියල. මුල සිට අග දක්වා,නිකන්!

ඔක්කොටම කලින් කියන්න ඔනෙ මගේ සිංහල Typing හරි නැහැ.එ වගේම Engineering සිංහලෙන් කරන එක හරිම අමරුයි,එක නිසා හමෝම English ටිකක් හරි දෑන ගෑනීම අනිවාර්යයි
.
හුටා! අමතක උනා.මම චම්ලි ප්‍රියශාන් අබේසිංහ.සැප්තැම්බර් වල ඉදල SLIIT එකේ 1 වසරේ Electronic Engineering Student කෙනෙක්.එ වගේම Engineering පිස්සෙක්.අපෝ ඔය හොදටම ඇති,මන් ගැන.පස්සෙ තව කියන්නම්.

පටන් ගන්න කලින් ඔයලා ඔක්කොටම මට වගේ Engineering උණක් තියෙන්න ඔනෙ.එ වගේම මූලික ගණිත කර්ම(Basic Mathematics) පිලිබදව දැනීමක් තියෙන්න ඔනෙ. ඔයාල මාත් එක්ක දිගටම හිටියොත් ඔයලට,Theory ,Practical  එක්ක  සියලු දේවල් ඉගෙනගන්න පුලුවන්(like a university student)

මම ඔයලට කියල දෙනව.
  • Zener Diodes(සනර දියෝඩ)
  • Diodes(දියෝඩ)
  • Capacitors(ධාරිත්‍රක)
  • Transistors(ට්‍රාන්සිස්ටර්)
  • FETs(MOSFET,JFETs)(ෆිල්ඩ් එෆ්ෆෙක්ට් ට්‍රාන්සිස්ටර්)
  • OPAmps(ඔප් ඇම්ප්)
  • Inductors(ප්‍රේරක)
  • Filters(LowPass,HighPass)(සංඤා පෙරනයන්)
  • Micro controllers(ක්ශුද්‍ර පාලක)
  • FPGA,
  • PCB Designing(PCB නිර්මණය)
  • Etc.......Including  (Product Hacking,Tear-downs ,Developments. )
  • (වෙනස් කිරීම්,භාන්ඩ   ගලවා බෑලීම.දියුනු කිරීම්අතුලු තවත් බොහෝ දේ)
කතා ඇති දැන් පටන් ගමු!

මුලින්ම අපිට Electronic lab ලැබ් එකක් ඕනෙ!
මම ඔයලට කියල දෙන්නම් කොහොමද සාමාන්ය තත්වයේ ලැබ් එකක් හදා ගන්නෙ කියල

එක කරන්න හබැයි ටිකක් වියදම් යනව,එ වුනාට ඔයා දවසක Engineering කරන්න බලාපොරොතු වෙනවනම් මේ වියදම් කිරීම ගොඩාක් වටිනව.
තව එකක්,සල්ලි නැහැ කියල ඉගෙනීම මිස් කරන්න එපා.මම ඔක්කොම කියලා දෙනව.සල්ලි තියෙන වෙලාවට ටික ටික ගන්න.ඹ්ලොග් එක මිස් කරන්න එපා!

මුලින්ම අපිට ඕනේ බහුමීටර් 2 ක්(Digital Multimeter) හෝ ඊට වැඩියෙන්

මොකද අපිට එක වෙලාවෙම විභවයයි, ධාරවයි මනින්න ඔනෙ වෙනව.
සමාන්ය Multimeter එකක් ලංකාවෙ රු900/= වුනත්.හොද එකක් රු1200/= විතරවෙනව.හැබැයි ඔයලට Auto-Ranging Multimeter එකක් ගන්න පුලුවන් නම් අනාගතයේ දි ගොඩාක් වටිනවා
Auto-Ranging Multimeter (රු4000/= - රු 25000/=) එකේ ඔයාලට හැම වෙලාවෙම ඩයල් එක කරකවන්න ඔනෙ නැහැ.
පස්සෙ Multimeter ගැන පොස්ට් එකක් දාන්නම්.



ඊට පස්සෙ ඔනෙ Power Supply එකක් ( රු8500/=) 
 අපි ගන්න Power Supply  එකේ අනිවාර්යයෙන් Voltage එක වෙනස් කරන්න පුලුවන් වෙන්න ඔනෙ. එ වගේම ධරාව පාලනය(Current Limiting) කරන්න පුලුවන් වෙන්න ඕනෙ.
ලංකාවෙ මේ වගේ පවර් සප්ලයි (power supply)එකක් රු8500/= විතර වෙනව.


ඔයාලට මෙච්චර වියදම් කරන්න අමරු නිසා මම හිතුවා ඊලග බ්ලොග් එකෙන් Lab Power Supply එකක් නිර්මණය කරන්න (රු 1500/=).එක නිසා හැම වෙලාවෙම මාත් එක්ක ඇලිල ඉන්න. 


ඊට පස්සෙ ඔනෙ ඔසිලොස්කෝප් (Oscilloscope) එකක්(45000/=)

 Electronic ලැබ් එකකට අනිවාර්යයෙන් ඕන දෙයක්,Digital  Oscilloscope එකක් තියෙනව නම් ගොඩාක් හොදයි.ඔයාල එකක් ගන්නවා නම් බැන්ඩ්විඩ්ත්(Bandwidth) එක පුලුවන් තරම් වැඩි එකක් ගන්න.එතකොට ගෝඩාක් Signel ජාති බලා ගන්න පුලුවන් 0Hz to 20Mhz වෙනකම්.20Mhz Bandwidth එකක් හරි ඊට වැඩි එකක් ගන්න,තවද එක 2 චැනල් ද විය යුතුයි.එතොකොට අපිට එකපාර සිග්නෙල් 2 ක් බලා ගන්න පුලුවන්. මෙච්චර සල්ලි නැත්නම් USB Digital  Oscilloscope   එකක් ගන්න රු13000/= විතර වෙනව,මෙව එච්චර හරි නැති වුනත් අපිට හොදටම ඇති.මම පස්සෙ මෙක ගැන පෝස්ට් එකක් දන්නම්.හැබැයි මටත් තාම එකක් නැහැ

ඊට පස්සෙ ඔනෙ බවුත් 3 ක් (Soldering Iron s)( රු700/=)

මෙවත් අනිවර්යයි ,25W එවා 2 ක් සහ 60W 1ක්(ටිකක් හොද තත්වයෙ එවා ගන්න) නැත්නම්
ඔයාලට උශ්ණත්වය පාලනය කරන්න පුලුවන් Soldering Iron  2 ක් ගන්න පුලුවන් නම් ගොඩාක් හොදයි.මේව ගන්න කොට හම්බ වෙන Bit(තුඩ ) වලින් පැස්සීම් කරන්න අමාරුයි,එක නිසා පැතලි තුඩක් තියෙන(chisel tip) බිට් 2 කුත් ගන්න්(සෙරමික් හෝ තඹ )

ඊයම් ගන්න කොට tin/lead 60/40 0.5mm 250g රීල් එකක් ගන්න රු 650/= පිටකොටුවෙ

ඊට පස්සෙ ඔනෙ Bread Board එකක් ( රු700/=)

 Bread Board එක තියෙන කොට අපිට ගොඩාක් පහසුයි .මොකද අපිට හැම පර්යෙශන පරිපතයක් ම(Test Circuit) ඊයම් වලින් පාස්සන් නෙ නැතුව පරීක්ශා කරන්න පුලුවන්,එ වගේම කාලයත් ඉතුරු වෙනවා


මේ පින්තුරේ නිල් පාටින් ඇදල තියෙන්නෙ බ්‍රේඩ් බොඅර්ඩ් එක අතුලෙ Connection තියෙන විදිහ.ඉතින් අපිට පුලුවන් අපිට ඕන උපාංගය ඕන තැනට දාලා වයර් වලින් එවා අමුනන්න.
රතු පාට ඉරි දෙකයි කලු පාට ඉරි දෙකයි තියෙන්නෙ Circuit එකට විදුලිය ලබා දෙන්න.තාක්ශනික ව්යවාහරයෙදි මේවා Supply Rails කියල කියනවා.



ඊට පස්සෙ ඔනෙ ඉස්කුරුප්පු  ජාති ගොඩාක් ( රු1000/=)

මෙවත් හොද ජතියක් ගන්න.හැම ජතියක් ම ගන්න.මොකද අපිට එක එක ජතියෙ උපකරන ගලවන්න,හයිකරන්න වෙනවනෙ එකයි.මැග්නටයිස්ඩ්(magnetized) එවා ගන්න නැත්නම් ගලවන,හයිකරන ඇන අල්ල ගන්න අමරුයි.
තව ප්ලාස්ටික් ඉස්කුරුප්පු කීපය කුත් ගන්න.සමහර වෙලාවට යකඩ ඉස්කුරුප්පු වලින් ගලවන්න හොද නැති තැන් තියෙනව.

තව ඕනෙ කරන දේවල්
හොද  ඉන්ජිනේරු අඩි රූලක්( 500/=)
මල නොකන වානේ වලින් හදපු ඉන්ජිනේරු අඩිරුලක් ගන්න ,සාමන්යය අඩිරූලක් හරියන්නෙ නැහැ,මොකද එවා උෂ්ණත්වයත් එක්ක පාඨාංක වෙනස් වෙන නිසා.හොද අඩි රූලක් නම් එකෙ හරියට පාඨාංක ගන්න පුලුවන් උෂ්ණත්වය ගහල තියෙනව.
                                                               පේපර් කටර් එකක්.(200/=)
වේරෝ බෝඩ් වල තබ ඉරි කපන්න. එකත් මලකඩ කන්නෙ නැති එකක් ගන්න

විද්යාත්මක ගනක යන්ත්‍රයක්(Scientific Calculator 1500/=)
අපිට හැම ගානක් ම අතින් සුලුකර කර ඉන්න බැහැ,එක මහා මෝඩ වැඩක්.ඉස්කෝලෙයන කාලෙ තමා අතින් සුලු කරේ.

                                             ඉලෙක්ට්‍රොනික් උපාංග එකතුවක්(Component Storage)
මොකද අපිට හැම තිස්සෙම කඩේට දුවන්න බැරි නිසා.පුලුවන් තරම් පරන Circuits වලින් කෑලි ගලවලා තියා ගන්න.
                                                              කුනු කූඩයක්.
අපිට වරදින දේවල් (Projects) දාන්න.අන්න එහෙමයි අපි ඉගෙනගන්නෙ.හදනවා...කඩනවා.
පුලුවන් තරම් Circuits එකතු කරන්න.මං ගාව තියෙනව කිලෝ 60 විතර .

මම හිතන විදිහට ඔය ටික තිබ්බහම සාමාන්ය වැඩක් කර ගන්න පුලුවන්. තව ඔයාලට හම්බවෙන හැමදෙයක්ම එකතු කරන්න.
ඔයාලට මේ ටික ගන්න 1200/= X 2 + 8500/= + 45000/= +700/= +700/= + 1000/= +500/= +200/= + 1500/= + 1000/=FOR for other  =====61500/= විතර යනවා.
කට්ටිය බයවෙන්න එපා දැනට ඔනෙ Multimeter 2 යි බවුත් 1 යි විතරයි.
අදට ඔය ටික හොදටම ඇති,කට්ටියටම ගූඩ් ඩේ.
කට්ටිය බ්ලොග් එකට කැමති නම් ෆලෝ කරන්න.ප්‍රශ්න තියෙනව නම් කොමෙන්ට් කරන්න.
ගොඩාක් ස්තුතියි.










add