Support us

Wednesday, March 11, 2015

ප්‍රතිරෝදකයක් තෝරා ගැනීම..(#01)

ප්‍රතිරෝදකයක් තෝරා ගැනීම..
අද අපි බලමු කොහොම්ද ප්‍රතිරෝදකයක් තෝරා ගන්නෙ කියල.දැනට වෙලදාපොලේ  රෙසිස්ටෙර් වර්ග බර තොගයක් තියෙනව..එවායින් වැදගත් ම කීපයක් මෙතෙන කතා කරමු.
කාබන් ෆිල්ම් රෙසිස්ටොර්ස්,
මෙවා තමයි දැනට වෙලදපොලේ සුලබවම තියෙන්නෙ.මේවා බොහෝ දුරට 5% නිරවද්ය තාවයකින් යුක්තයි.ඒවගේම මේවා විවිද පවර්(    )රේටින්ග්ස් යටතේ ලබා ගන්න පුලුවන්.මේවායේ මිල තීරනය වෙන්නේ මේ පවර් රේටින්ග් එක මත,සහ මිලදී ගන්නා ප්‍රතිරෝදක සංඛයාව මතයි.
සාමාන්යයෙන් ශොප් එකකින්...0.25W එවා 200 ට වඩා අඩුවෙන් ගන්නව නම් එකක්  රුපියල් සත 50..(0.50/=) කට වගේ මිලදී ගන්න පුලුවන්. 200 ට වඩා වැඩි වුනොත් සත 20 කට වගේ ගන්න පුලුවන්.හැබැයි හරියටම කියන්න බැහැ.
මෙටල් ෆිල්ම් රෙසිස්ටර්ස්
මේවා තමයි දැනට ලාබෙටම ගන්න පුලුවන් හොදම ඒවා.මොකද මේවායේ නිරවද්යතාව 1% විතර වෙනවා,ඒ කියන්නේ අපි 1000ඔම්  ප්‍රතිරෝදකයක් සැලකුවහම එකේ අගය උපරිම  1010ඔම් හෝ අවම අගය 990ඔම් වෙනවා..ඒ කියන්නේ  1000 ට ගොඩාක් කිට්ටුයි.හැබැයි මේවා  0.25W එකක් 2/= විතර වෙනවා.(   ඇල්ටියම් එල් ක්)වගේ තැනකින් ගන්නවා නම්,1.50/=ට ගන්න පුලුවන්.හැබැයි අඩුම 50ක් ගන්න ඕනේ.
වයර් වවුන්ඩ් රෙසිස්ටර්.
මේ රෙසිස්ටර් හදල තියෙන්නේ දිග හීනී තබ කම්බියක් කාබන් කූරක් උඩ ඔතලා.එක නිසා මේවා තුලින් විශාල ධාරාවක් ගැලීමේ හැකියාව තියෙනව.ඒක නිසා පවර් සප්ලයි ඩ්සයින් කරන කොට ගොඩාක් යුස් වෙනව.අනික මේවා  0.1% නිරවදයතාවයේ සිට 5% දක්වා පරාසයකින් ලබා ගන්න පුලුවන්.හැබැයි මේව නම් ටිකක් ගාන සැරයි...මමත් ගාන හරියටම දන්නෙ නැහැ.
හැබැයි මේ ජාතියේ වට 10ක් කරකවන්න පුලුවන් විචල්ය ප්‍රතිරෝදකයක් 350/= විතර වෙනවා
මම මෙතන කතා කරේ නියත අගයක් තියෙන (ෆික්ස්ඩ් රෙසිස්ටර්ස් ගැන විතරයි.)අනික මම මෙතන සිද්ධාන්ත ගැන විස්තර කරේ නැහැ..මොකද ඒවා කතා කරොත් හෙට වෙනකම් ලියතැහැකි.ඒක නිසා සිදාන්ත ඕන කට්ටිය කමෙන්ට් කරන්න.මම වෙනම පෝස්ට් එකක් දාන්නම්.එතකන් කට්ටියටම සුබ දවසක්.

No comments:

Post a Comment

add